23 March 2025


අග්‍රාමාත්‍ය ලේකම් ලෝක බැංකුවේ ප්‍රධානීන් හමුවෙයි



අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානින් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ ඇමරිකාවේ නිව්යෝක් නුවරදීයි.  

ප්‍රදීප් සපුතන්ත්‍රි එහිදී  IMFහී නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකාමුරා, IMFහී විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, IMFහී ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් සහ IMFහී විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර යන පුද්ගලයන් හමුවී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ ප්‍රගතිය පිළිබඳව ද එහිදී අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ සමාලෝචන සන්ධිස්ථාන සපුරාලීමට ශ්‍රී ලංකා රජය සහය ලබාදෙන බවද ප්‍රදීප් සපුතන්ත්‍රී ඔවුන් හමුවේ පවසා තිබෙනවා.

(colombotimes.lk)