නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් හා කලාප නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදීයි.
එලෙස ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර නොමැති බව අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ 2026 වසරේ සිට පාසල්වල කාලපරිච්ඡේද සංඛ්‍යාව 08 සිට 07 දක්වා අඩු කිරීමත්, එක් කාලපරිච්ඡේදයක කාලය මිනිත්තු 50ක් දක්වා වැඩිකිරීමත් ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවයි.
(colombotimes.lk)