25 March 2025


වෘත්තිකයන් යළි රට හැර යෑමේ අවදානමක්



වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පශු වෛද්‍යවරුන් හෙද/හෙදියන් ඇතුළු වෘත්තිකයන් යළි රට හැර යෑමේ අවදානමක් හටගෙන තිබෙනවා.

වෘත්තීය සංගම් සඳහන් කළේ පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 2,000ක්, හෙද/හෙදියන් 4,000ක්, ඉංජිනේරුවන් 2,000ක් රට හැර යෑමට මූලික කටයුතු සිදු කරගෙන සිටින බවයි.

මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන් සහ හෙද හිඟය මේ වන විට උග්‍රවී තිබෙන බවත් වසර 3කින් පමණ බඳවා ගැනීම් සිදු කර නොමැති බවත් අදාළ වෘත්තිය සංගම් කියා සිටියා.

දුෂ්කර සහ අති දුෂ්කර පළාත් සභා රෝහල් ගණනාවක වෛද්‍ය සහ හෙද හිඟය දැඩි ලෙස උග්‍රවී තිබුණද පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන නොමැති බව වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)