21 March 2025


රාජ්‍ය ආයතනවල නීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි



රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති සහ රෙගුලාසි සමාලෝචනයට කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ජනතාවට දැනුම් දුන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලෙසයි.

ඒ අනුව එහි ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට යොමු කරන ලෙසද ජනතාවට දැනුම්දී තිබෙනවා.

විද්‍යුත් ලිපිනය – inforan@moha.gov.lk
Whatsapp – 00740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර ඇල්විටිගල මාවත, කොළඹ 05

(colombotimes.lk)