08 April 2025


මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කිරීමක් ගැන මහජනතාවට දැනුම්දීමක්



ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ලිපි ලේඛන භාවිත කරමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

බැංකුවේ නිල ලාංඡනය භාවිත කරමින් වංචනික ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේ. 
 
විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා මෙම වංචනික ව්‍යාපාර පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. 
 
එවැනි වංචනික ව්‍යාපාරයකට බැංකුවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන මහ බැංකුව, එවැනි වංචනික ක්‍රියාවලට ගොදුරු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)