කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඊයේ (07) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් 4දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 4දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ පුද්ගලයන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි.
(colombotimes.lk)