17 July 2025

logo

දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි



දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බවයි.

ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 14වනදා දකුණු කොරියාවේ ජනාධිපති ධූරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහුව ධූරයෙන් ඉවත් කෙරුණා.

(colombotimes.lk)