06 July 2025

logo

තෙවන දිනටත් ආසියානු කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පෙරළියක්



ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද (07) තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී තිබෙනවා.
 
මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වන විට සිය කැමැත්ත පළකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය රජය නිවේදනය කර ඇත්තේ ඇමරිකානු බදුවලට ප්‍රතිචාර ලෙස බදු ඉහළ නොදමන බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් තීරුබදු ප්‍රතිපත්තිය ලබන බදාදා සිට ක්‍රියාත්මක වීමට නියමිත තිබෙනවා.
 
ඉන් වැඩිම බලපෑමකට ලක්වූ ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේදීත් කැපී පෙනෙන ලෙස කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජපානයේ නිකේ කොටස් වෙළෙඳපොළ 6.3%ක කඩා වැටීමකට ලක්වී තිබෙනවා.

එමෙන්ම හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී 9.8%ක කඩා වැටීමකට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තායිවාන කොටස් වෙළෙඳපොළ ද 9.8%ක කඩා වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ 7%කට වැඩි පසුබෑමකට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)