චීනයට තවත් 50%ක තීරු බද්දක් පනවන බවට ඇමරිකානු ජනපති ඩොනෙල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ඒ චීනය ඇමරිකාවට පැනවූ 34%ක තීරු බදු ඉවත් කර ගන්නා ලෙස බල කරමින්.
ඇමරිකාව පසුගියදා ලොකයේ රටවල් රැසක් ඉලක්ක කර ගනිමින් පැනවූ තීරුබදු හේතුවෙන් ගෝලීය වෙළඳපොළ අඛණ්ඩව 03වන දිනටත් කඩා වැටුණු පසුබිමක ට්‍රම්ප් මෙම නව අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාව පැනවූ තීරුබදුවලට එරෙහිව ප්‍රති තීරුබදු පනවන රටවල් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.
(colombotimes.lk)