ඇමරිකානු තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සහ ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ සාමාජිකයන් අතර හමුවක් අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ශ්‍රී ලංකා රජයේ යෝජනාවලිය එහිදී ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
අන්‍යෝන්‍ය ගැලපීම මත සකස් කළ තීරු බදු හෙට (09) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර තීරු බදු ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් රටවල් 50ක් පමණ ඇමරිකාව සමඟ වෙළෙඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
නමුත් සැලසුම් කළ පරිදි නව තීරු බදු ක්‍රියාත්මක කරන බව ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් අවධාරණය කළා.
(colombotimes.lk)