19 April 2025


බිහිසුණු ගුවන් අනතුරකින් 28කට දිවි අහිමි වෙයි



දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 28 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී ධාවන පතයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති  බවයි.

මගීන් 175 දෙනෙක්  සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනෙක් රැගත් එම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)