colombotimes.lk
සිංහල | English

03 May 2024

රටම හඬවමින්, රවී රොයිස්ටර් තෙවරප්පෙරුමගේ 'අවසන් කැමැත්ත' ඉටුකරයි



අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කෙරුණා.

මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදු කළ අතර ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසාන භූමියේදී දේහය මිහිදන් කළා.

එමෙන්ම ඔහු විසින් මිය ගිය දිනෙක ගායනා කර ලෙස ඉල්ලමින් නව පරපුරේ ගායකයෙකු වන රවී රෝයිස්ටර් ගායනා කරන 'හමාර බණවර ගීතයට' පද කිහිපයක් එක් කරමින් ගීතයක් නිර්මාණය කර තිබුණා.

ඒ අනුව රවී රෝයිස්ටර් විසින් එම පද සහිතව ගීතය ගායනා කරමින් මේ වන විට එය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එම ගීතය අසන්නට පහත Link එක Click කරන්න.

https://www.youtube.com/watch?v=c7RiOtA8xUI

(colombotimes.lk)