කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කර ගනිමින් එම නිර්දේශය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කීරි සම්බා තොගයෙන් මෙට්‍රික් ටොන් 5,000ක් රජයේ ආයතන මඟින්ද සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි.
(colombotimes.lk)