කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan අද ( 25) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදීයි.
එහිදී ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.