රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අද (29) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය හා යටියන්තොට ප්‍රාදේශීය කොට්ඨාසවල දිගුකාලයක් පුරා නොවිසඳී පැවැති පානීය ජල ගැටලුවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක විසඳුම් ලබාදීම සැලකිල්ලට මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.
දිනකට ඝන මීටර 4000ක ධාරිතාවයකින් යුතු ජල පිරිපහදුවක් සිදුවන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25.5ක මුදලක් වැය කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එය 2028 වර්ෂයේදී අවසන් වීමට නියමිතයි.
(colombotimes.lk)