දිවයින පුරා මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්දි වී තිබෙනවා.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අද (30) රාත්‍රී 8.00න් අවසන් වූ පැය 24 තුළ බිඳවැටීම් පැමිණිලි 50,000ක් පමණ ලැබී ඇති බවයි.
එමෙන්ම ඉන් 29%ක් විසඳා ඇති බව එම මණ්ඩලයේ නිලධාරීන් පවසනවා.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මෙම විදුලිය බිඳවැටීම් පිළිබඳ පැමිණිලි වැඩි වශයෙන් මධ්‍යම සහ බස්නාහිර පළාත්වලින් ලැබී ඇති බවයි.
(colombotimes.lk)