colombotimes.lk
සිංහල | English

03 May 2024

තැපෑලෙන් SMS එවන්නේ නෑ - තැපැල්පති



ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු කර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසනවා.

එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් භාවිතා කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව සඳහන්.

පහත සඳහන් දුරකථන අංක මඟින් වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව - 1950

තොරතුරු තාක්ෂණ අංශය - 0112 542104 / 0112 334728 / 0112 335978 / 0112 687229 / 0112 330072

(colombotimes.lk)