02 April 2025


සෙනසුරුගේ වළලු අතුරුදන් වෙයි



සෙනසුරු ග්‍රහයා වටා පිහිටා තිබෙන සුවිශේෂී වළලු පද්ධතිය මේ සතියේ දී පෘථිවියට නොපෙනී ගොස් ඇති බව තාරකා විද්‍යාඥයන් අනාවරණය කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ සෑම වසර 13ක් හෝ 15ක් දක්වා වන කාලයකට වරක් මෙලෙස සෙනසුරු ග්‍රහයාගේ වළලු පෘථිවි දෘෂ්ඨි රේඛාවෙන් නොපෙනී යන බවයි.

'වළලු තලය තරණය” ලෙස හැඳින්වෙන මෙම දුර්ලභ සිදුවීම මාර්තු 23වනදා ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස්නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුවිශේෂී සංසිද්ධිය සිදු වන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙන්.

(colombotimes.lk)