21 March 2025


රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක්



රාජ්‍ය ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝජග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ඔසුසැල් මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් 3%ක වට්ටමක් සහ මුදල්වලින් ගෙවීම් සිදු කරන්නේ නම් 5%ක වට්ටමක් ප්‍රදානය කරන බවයි.

(colombotimes.lk)