හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ ගසකට ඊයේ (22) අකුණුසැර වැදී එම ගසේ අත්තක් වතු නිවාස පෙළක නිවසකට කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් එම නිවසේ වහලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
පීඩාවට පත්වූ ජනතාව කියා සිටියේ අකුණු සැර පතිත වීමත් සමග අසළ වූ රූස්ස ගස් කිහිපයක් එකවරම කඩා වැටුණු බවයි.
අනතුරින් කිසිවෙක්ටත් තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයාය හරහා ඊයේ වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළඟකින් නිවසක වහලවල් ගැලවී ගොස් තිබෙනවා.
(colombotimes.lk)