ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (31) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වඩාත් සුදුසු වන අතර ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් බවයි.
එමෙන්ම උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් තුළ රැදී සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)