කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල අද (07) දහවල් 12.12ට මොහොතකට අතුරුදහන්වීමට නියමිතව තිබෙනවා.
ඒ එම ප්‍රදේශවලට අද සූර්යා මුදුන්වීමත් සමඟයි.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් 05වනදා සිට 14වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව අද දහවල් 12.12ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)