18 April 2025


ප්‍රදේශ 6කට හෙට හිරු මුදුන් වෙයි



සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර හෙට දහවල් 12.11ට පමණ හත්තිකුච්චි, කලංකුට්ටිය, හල්මිල්ලෑව, ඉපලෝගම, පලුගස්වැව සහ හබරණ යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)