18 April 2025


කලා භවන ගැන රජයෙන් තීරණයක්



ජාතික කලා භවන මෙතෙක් නිසි ලෙස පිළිසකර කර ගැනීමට නොහැකි වී ඇති බව බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කළා.

ඒ අද (09) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවිණයෙක් මියගිය විට ඔවුන්ගේ දේහය තැන්පත් කිරීම සඳහා ජාතික කලා භවන වෙනුවට උසස් තත්ත්වයෙන් යුතු අවමංගල්‍ය ශාලාවක් ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

 
(colombotimes.lk)