කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි කුඩා අලි පැටවෙක් ගම්වාසින් විසින් අල්ලාගෙන අද (09) වනජීවි නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ මාස 3ක් පමණ වයසැති කුඩා අලි පැටවෙක් මෙලෙස වනජීවි භාරයට ගෙන ඇති බවයි.
අනතුරුව එම අලි පැටවාව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)