17 July 2025

logo

ඩොමිනියන් ජනරජයේ පුද්ගලයන් 79කට දිවි අහිමි වෙයි



ඩොමිනිකන් ජනරජයේ රාත්‍රී සමාජ ශාලාවක වහලයක් කඩාවැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන 79ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ඉන් තවත් 155 අධික පිරිසක්ද තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් උතුරු මොන්ටේ ක්‍රිස්ටි පළාතේ ආණ්ඩුකාර නෙල්සි කෲස් ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට් සෙට් රාත්‍රී සමාජ ශාලාවේ තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර වහලය කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)