07 January 2025


බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්



දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල නිලධාරීන් 1800කගේ හිඟයක් මේ වන විට පවතින බවට තොරතුරු වාර්තා වනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ නිලධාරී හිඟය හේතුවෙන් සෝදිසි කිරීම්වලට බලපෑම් එල්ලවී ඇති බවයි.

මේ වන විට දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රැඳවියන් පරීක්ෂාව සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

(colombotimes.lk)