අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය සහභාගී වූ පළමු පිරිවෙන් මණ්ඩල රැස්වීම ඊයේ (24) පවත්වා තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ සභික මණ්ඩල රැස්වීම් ශාලාවේදීයි.
එහිදී ශාසනික ප්‍රබෝධයට මෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් විශේෂ තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පිරිවෙන්වල ගුරුවරුන්ගේ ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමේ කාර්යය හා පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)