අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.
එම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙක් ඇතුළු 05දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරය ඊයේ (14) රාත්‍රියේ දී එල්ල කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
මීට පෙර ද එම විශ්වවිද්‍යාලයේම නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් සිසුන් 22කගේ පංති තහනම් කිරීමට ද විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණා.
(colombotimes.lk)