බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට ඉදිකරමින් පවතින මහල් 8කින් සමන්විත ගොඩනැගිල්ල එම සේවාව සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විත කාමර 82ක් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකකද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.
ඉදිරි වසර තුළ දිවයනට සංචාරකයන් ලක්ෂ 40ක් ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කරන අතර එම සංචාරකයන්ට ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබාදීමෙන් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට එම රෝහල පත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)