02 April 2025


දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්



දකුණු කොරියාවේ හටගෙන තිබෙන ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි.

එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968 යන දුරකථන අංක ඔස්සේ තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)