මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද(08) පිටත් කර හරින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්යෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,000කට අධික බව සඳහන්.
මේ වසරේ මුල සිට මෙරටින් ඩෙංගු රෝගීන් 31,098ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සටහන් වූයේ බස්නාහිර පළාතෙන් වනවා.
(colombotimes.lk)