20 February 2026

logo

ආචාර්ය නාමයක් ගැන පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්



පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන් වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ අතපසුවීමක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළා.

ඒ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අදාළ අමාත්‍යවරයාගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින්.

මීට පෙරද වාර්තා වුණේ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදුන් සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවයි.

ඒ අනුව එම අතපසුවීම නිවැරදි කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)