01 July 2025

logo

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට සජබ මන්ත්‍රීවරුන් අද අත්සන් තබයි



කථානායක අශෝක සපුමල් රන්වලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද (13) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පස්වරුවේ එම යෝජනාවට අත්සන් තැබීමට අපේක්ෂා කරන බවයි.

විදේශ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හිමි බවට ව්‍යාජ ලෙස පවසමින් ජනතාව රැවටීම කථානායකවරයාට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වනවා.

(colombotimes.lk)