08 January 2025


ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දියාවේ සහය



ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශ කළා.  

ඒ අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති හමුවකදීයි.

ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සඳහා රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේදී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)