විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ පළමු සමාලෝචනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් අද (14) සිට සාකච්ඡා ආරම්භ කරනවා.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ, භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟයි.
එමෙන්ම IMF හි කණ්ඩායම සැප්තැම්බර් 27 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති.
සති දෙක අවසානයේ IMF කණ්ඩායම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා SDR බිලියන 2.286 (USD බිලියන 3 ක් පමණ) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ IMF විධායක මණ්ඩලය මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙලක් මෙම වසරේ මාර්තු මාසයේදී අනුමත කළා.
(colombotimes.lk)