ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ අතර හමුවක් අද (21) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එහිදී අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගෙනයාමට ශ්‍රී ලංකාව ලබාදෙන සහය ඇගයීමට ලක් කළා.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත් ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් සිය සහය ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)