02 April 2025


ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහය ධාවන කණ්ඩායමෙන් නව ජාතික වාර්තාවක්



චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතාවලියේදී ඊයේ (23) ශ්‍රී ලංකාව නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පිරිමි මීටර් 4x400 සහය දිවීමේ කණ්ඩායම විසින්.

අදාළ තරග ඉසව්ව 3:10.58ක කාලයකින් අවසන් කරමින්  ශ්‍රී ලංකා කණ්ඩායම මෙම නව ජාතික වාර්තාව පිහිටුවා තිබෙනවා.

ඔවුන් එම ඉසව්වේ 5වන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)