02 April 2025


ශ්‍රීලන්කන් ගුවන්ගමන් නවතියි



ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීම හේතුවෙන්  ශ්‍රීලංකන් ගුවන් සේවය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද 12.50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20.40ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන්ගමන් ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන්ගමන් නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)