02 April 2025


බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට පියවර



ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සමූහයක් ස්ථාපිත කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාළඹේ, අතුරුගිරිය, කටුනායක යන නගර සහ උපනගර කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ සැලසුම් වාර්තා එහිදී ඉදිරිපත් කර තිබෙනවා.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසු විධිමත් සැලසුමකට අනුව මෙහි ඉදිකිරීම් අරඹන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

 
(colombotimes.lk)