2025 අයවැය මඟින් වව්නියා, මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා වෙන්වී ඇති මුදල් කාර්යක්ෂමව වියදම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබෙනවා.
ඒ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
එහිදී ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් ඇති කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් ජගදීශ්වරන්, අමාත්‍යාංශය නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා දුම්රිය ඇතුළු දෙපාර්තමේන්තු නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.