27 January 2025


ගුවන් සමාගම් රජයට නොගෙවූ බදු අයකර ගැනීමට පියවර



ඇතැම් ගුවන් සමාගම් රජයට නොගෙවූ බදු මුදල් අයකර ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ  සිවිල් ගුවන් සේවා අමාත්‍ය  බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගුවන් සමාගම් විසින් ගෙවිය යුතු බදු මුදල් ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)