09 May 2025


පෙරපාසල් ගුරු පුහුණු ආයතන නියාමනයට පියවර



පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන සියලු ආයතන යළි ලියාපදිංචි කිරීමට පියවර  ගන්නා බව කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සඳහන් කළේ එම ආයතන නියාමනය විධිමත් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව මේ වන විට මෙරට පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආයතන 65ක් පමණ ක්‍රියාත්මක වනවා.  

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සියලු ආයතන තමන්ට අවේණික වූ විෂය නිර්දේශ යටතේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරන බවයි.

(colombotimes.lk)