02 April 2025


පාදුක්කේ වීදි පහන් අක්‍රීය වෙයි



පාදුක්ක නගරය සංවර්ධනය වීමත් සමඟ නගරයේ සවි කර ඇති වීදි පහන් කණු රැසක් සතියක පමණ කාලයක සිට අක්‍රිය වී තිබෙන බව ගම්වාසීන් පවසනවා.

ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ නගරයේ දැඩි අඳුරක් සහ අනාරක්ෂිත තත්ත්වයක් මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

පාදුක්ක ප්‍රාදේශීය රෝහල අසල සිට සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලය දක්වා වීදි පහන් 25කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අක්‍රිය වී තිබෙනවා.

(colombotimes.lk)