02 April 2025


කුෂන් වෙළඳසැලක හදිසි ගින්නක්



ගොකරැල්ල පොලිස් වසමේ තල්ගොඩපිටිය ප්‍රදේශයේ කුෂන් වෙළඳසැලක අද (27) අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවීමට කටයුතු කළ බවයි.

ගින්නෙන් දේපළ හානි සිදු වී ඇති අතර වයස අවුරුදු 36ක් වන වෙළඳසැලේ මුරකරු සුළු පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)