19 March 2025


ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60ක් දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම ගොනු කළා.

පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)