14 March 2025


මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට



රුපියල් මිලියන 65ක මුදලක් අවස්ථා 2කදී ලබාගෙන එම මුදල් අපසු ලබා නොදී වංචා කිරීමක් සහ සාපරාධී විශ්වාසය කඩකිරීමක් හේතුවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කොළඹ 05 ප්‍ර‍ේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් මිලියන 65 ක මුදලක් අවස්ථා 2කදී ලබාගෙන නැවත එම මුදලින් රුපියල් 30,200,000ක පමණක් ලබාදී ඉතිරි සම්පූර්ණ මුදල වන රුපියල් 34,800,000ක මුදලක් ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)