ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය අද (07) නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ මහා සංඝරත්නය සහ ප්රදේශවාසීන් විසින් සිදු කළ ඉල්ලීමක් මතයි.
පසුගිය කාලයේදී මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තාවකාලිකව වෙනත් පුද්ගලයෙක් පත්කිරීම හේතුවෙන් කපු මහතුන් විසින් විරෝධය පළ කර දේවාලය වසා දැමීමට තීරණය කළා.
මේ හේතුවෙන් බැතිමතුන් සහ දේවාලය ආශ්රිත රැකියාවේ යෙදෙන පවුල්ද දැඩි ලෙස අපහසුතාවයකට ලක්වී තිබෙනවා.
කපු මහතුන් විසින් ඒ සම්බන්ධව සලකා බැලීමෙන් අනතුරුව සියලුම තේවාවන් සඳහා නැවත දේවාලය විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)