1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් පත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහි සභාපතිවරයා ලෙස ඒ. එම්. එන්. රත්නායක පත් කර ඇති බවයි.
එමෙන්ම නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආර්. ජේ. එම්. ඒ. පී. සම්පත් සහ නලින් පෙරේරා පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපි අද (06) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)