19 May 2025


ශ්‍රී ලංකන් මිලට ගැනීමට TATA සූදානමක



ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා 'ටාටා' සමාගමේ අවධානය යොමු වී තිබෙනවා. 

දිගින් දිගටම ලද අලාභය හමුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවත්වාගෙන යාම අභියෝගයක්ව තිබුණා. 
 
එම නිසා ශ්‍රී ලංකා රජය ඒ වෙනුවෙන් ආයෝජකයෙකු සෙවීම ආරම්භ කළා. 
 
මේ වන විට එයට යහපත් ප්‍රතිචාරයක් TATA සමාගමෙන් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. 
 
ඉන්දියනු සමාගමක් වන TATA මේ වන විටත් 'Air India' සමාගමේ සහ තවත් ගුවන් සමාගම් කිහිපයක මෙහෙයුම් කටයුතු සිදු ක‍රමින් පවතිනවා.
(colombotimes.lk)